මීගමුව පෙරියමුල්ල ෆාතිමා පාරේ ජනතාව නව වසර සමගියෙන් පිළිගත් හැටි

0
83

NEWSNOW | – සෑම වසරකම සමරන ආකාරයට මෙවරද ඊයේ (01) උදෑසන මීගමුව පෙරියමුල්ලේ ෆාතිමා පාරේ ජූඩ් මහතාගේ නිවසේ සියළු ජාතීන් එක්ව කිරිබත්,කැවිලි,කෙසෙල් සහිත මේසයක් පිළියෙල කර 2025 නව වසර උදාව සැමරීය.

එම අවස්ථාවට ආගමික ලෙස සහභාගි වුණේ මීගමුව කොප්පර හන්දිය විජේපාල මෙන්ඩිස් බෞද්ධ ආයතනයේ බාදුරාගොඩ රාහුල හිමියන්, පාලමෙන් දිස් මීගමුව පෙරියමුල්ල මෙසෝ පාලක ඇන්ටනී ප්‍රනාන්දු පුල්ලේ පියතුමා, දොන් බොස්කෝ කාර්’මික ආයතනයේ ඇන්ටනි රංජිත් පියතුමා, ඉස්ලාම් දේශක අබ්දුල් රහ්මාන් මුතුකුඩ මහතා, සහභාගි වූහ.

පැමිණ සිටි පිරිසට ආගමික නායකයින් විසින් නව වසර සඳහා ආශීර්’වාද කරමින් දේශනයන් පැවැත් වූහ.