දකුණු කොරියාවේදී සිදුවූ ගුවන් අනතුරින් මිය ගිය ගණන ඉහළට

0
138

NEWSNOW| –  දකුණු කොරියාවේදී සිදුවූ ගුවන් අනතුරින් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 122දක්වා ඉහළ ගොස් තිබේ.

දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේ බේරාගත් පුද්ගලයින් දෙදෙනෙකු හැර අන් සියල්ලම මියගොස් ඇති බවය.

යානය ගොඩ බස්වන අවස්ථාවේදී එය තුළ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු සමගින් පුද්ගලයින් 181ක් දෙනෙකු හිඳ තිබේ.

යානය මුලින් ගොඩබෑමට උත්සාහා කර ඇති නමුත් එය අසාර්ථක වී තිබේ.

පසුව නැවත ගොඩබෑමට උත්සාහ කිරීමේදි ධාවන පථයෙන් ඉවතට ගොස් ධාවන පඨයේ කෙළවරේ තිබූ තාප්පයක ගැටී ගිනි ගෙන තිබුණි.