ගාසාවේ කමල් අද්වාන් රෝහලේ ප්‍රධානියා ඊශ්‍රායල හමුදා භාරයට ගනී

0
39

NEWSNOW| –   ගාසාවේ පිහිටි කමල් අද්වාන් රෝහලේ ප්‍රධානියා වන විශේෂඥ වෛද්‍ය හුසාම් අබු සෆියා ඊශ්‍රායල අත්අඩංගුවේ පසුවන බව විදෙස් වාර්’තා පවසයි.

දෙසැම්බර් 27 වැනි දින රෝහලේ වැටලීමකදී ඊශ්‍රායල හමුදා විසින් ඔහු රඳවා ගෙන තිබේ.

ගාසාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය මීට පෙර වාර්’තා කර තිබුණේ ඊශ්‍රායල හමුදා ‘කමල් ඇඩ්වාන් රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය දුසිම් ගණනක් ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් මධ්‍යස්ථානයකට ගෙන ගොස් ඇති බවයි.

පලස්තීන ළමා රෝග විශේෂඥයෙකු වන ඔහු ඊශ්‍රායල ආක්‍රමණයට එරෙහි ප්‍රතිරෝධයේ කැපී පෙනෙන චරිතයක් වී ඇත.

ඔක්තෝම්බර් මාසයේදී ඊශ්‍රායලය රෝහලට කඩා වැදීමකදී ඔහුගේ පුතා මරා දැමීය. මාසයකට පසු, රෝහල් සංකීර්ණයට එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින් වෛද්‍ය අබු සෆියාද තුවාල ලැබීය.