NEWSNOW | – සිරියාවේ වර්තමාන ත්ත්වය ඉතාම ඛේදනීයයි. මේ පිළිබදව ජාත්‍යන්තර මට්ටමෙන් පවා බොහෝ කතා බහට ලක්වෙයි.
ගතවූ කාලය පුරාවට බෂර් අල් අසාද් සහ ඔහුගේ පියාගේ වසර 50ක කුරිරු පාලන කාලය තුළ බොහෝ පිරිස් තම ආදරණීයන්ගෙන් වෙන්ව වෙනත් රටවලට ගොස් ජීවත්ව ඇත්තේ එම පානයේ තිබූ කටුකකම දරා ගැනීමට නොහැකිවූ නිසාය.
මෙලෙස අවුරුදු 50කට වැඩි කාලයක් පිය,පුතු දෙදෙනා බිලියන ගණනින් තම රටේ ජනතාවට හිරිහැර කර හිරේට දමා සයිදානියා වැනි සිර ගෙවල්වල අමානුෂී ලෙස රඳවා කුරිරු වද හිංසා සිදු කළ බවට දැන් තොරතුරු වාර්’තා වේ.
හිට්ලර් ගෙන ගිය පාලනයටත් වඩා දරුණු පාලනයක් ලෙස අපට මෙය හැදින්විය හැක. මෙලෙස ඉතාම නරක පාලනයක් කරලා මේ ජනතාවට මෙපමණ වද දුන් පාලන කාලය අවසන්ව මේ වනවිට විවිධ රටවල් වල ජීවත් වූ ඒ සිරියානු ජනතාව ආපහු තමන්ගේ රට බලා පැමිණෙන වීඩියෝ, photos වගේ තොරතුරු හැමදාම සමාජ මාධ්‍ය වල දක්නට ලැබේ.
ඒ විදියට මේ වීඩියෝවේ දැක්වෙන්නේ අවුරුදු පනහක කාලයක් තිස්සේ රටෙන් බැහැරව මේ අරාජිත පාලනයෙන් බැටකන්න බැරි නිසා වෙනත් රටක ජීවත් වූ අබ්දුල් ලතීෆ් සහීම් නැමති මේ පුද්ගලයා තමන්ගේ උපන් ගම වන හමා ගම්මානයට පැමිණ වසර 50කට පසුව තම මව පළවෙනි වතාවට දකින අවස්’ථාවේදී සංවේදී වූ අයුරුයි.
https://www.facebook.com/share/v/15K3gbE2Ro/
තම නිවසින් ගිය තම පුතා අවුරුදු 50කට පසු තම දෙඇස් වලින් බලන්නට ලැබීම ඇයට ඇස් අදහාගත නොහැකි දෙයක් විය.