“කෘත්‍රිම බුද්ධි යුගයේ ජන මාධ්‍යයේ කාර්’යභාරය” යන මැයෙන් ප්‍රථම වරට කොළඹ ජාත්‍යන්තර මාධ්‍ය පර්’යේෂණ සම්මන්ත්‍රණයක්

0
50

NEWSNOW | – ශ්‍රී ලංකාව ප්‍රජාතාන්ත්‍රික රටක් ලෙස දීර්’ඝ කාලයක් පුරවැසියාගේ නිදහස, සමානාත්මතාවය සුරකින රටක් ලෙස භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සුරක්ෂිත කරමින් තොරතුරු දැනගැනීමේ අයිතිය ජනමාධ්‍ය නිදහස සහ වෘත්තීයභාවය දිරි ගන්වමින් ඉටු කරනු ලබන ජාතික වගකීම පිළිබඳව ගෝලීය වශයෙන් කතිකාවක් මෙන්ම ගෝලීය සන්නිවේදන ප්‍රවණතා පිළිබඳව ජාත්‍යන්තර වේදිකාවක් නිර්’මාණය කිරීම ඉලක්ක කර ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්’තමේන්තුව සංවිධානය කරනු ලබන 1st Colombo International Media Research Symposium 2024 වැඩසටහන හෙට(19) පෙ.ව 8.30 – ප.ව 4.30 දක්වා BMICH ඕකිඩ් ශාලාවේ දී පැවැත්වේ.

නූතන සන්නිවේදනයෙහි විශ්ව ගම්මාන සංකල්පය අභියෝගයට ලක් කරමින් ලෝකය එකම සන්නිවේදන පවුලක් ලෙස නිර්මාණය වී තිබෙන අවස්ථාවක තොරතුරු තාක්ෂණයේ විප්ලවීය වෙනස්කම් සහ සන්නිවේදන ප්‍රවණතා සැලකිල්ලට ගෙන කෘතිම බුද්ධිය පිළිබඳව කතිකාව ජනමාධ්‍යකරණයේ ඉදිරි ගමන්මඟ කෙරෙහි සිදු කරනු සාධනීය බලපෑම කුමක් ද?, එමෙන්ම එහි නූතන ප්‍රවණතා ශ්‍රී ලාංකීය ජනමාධ්‍ය සංස්කෘතියේ දිශානතියට කුමක් සිදු කරනු ලබයිද යන්න ශාස්ත්‍රීයව සහ විශ්ලේෂණාත්මකව අවධානයට යොමු කරමින් මෙම ජාත්‍යන්තර පරිසංවාද වැඩසටහනේ දී විද්වතුන් සහ ජනමාධ්‍ය වෘත්තිකයින්, ජනමාධ්‍ය පර්’යේෂණ පත්‍රිකා මඟින් සිය අදහස් ඉදිරිපත් කරනු ලැබේ.

දෙමුහුන් (Hybrid) ක්‍රමයට සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මෙම ජාත්‍යන්තර පර්’යේෂණ සැසියේ මුඛ්‍ය දේශනය දකුණු කොරියාවේ සයිබර් විශ්වවිද්‍යාලයේ මහාචාර්’ය එරික් පාර්’ක් මහතා විසින් සිදු කරනු ලැබේ. මෙම පර්’යේෂණ සැසියේ මෙහෙයුම් මණ්ඩලයේ විද්වතුන් ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ, මහාචාර්ය ධර්’මකීර්’ති ශ්‍රී රංජන් විසින් මෙහෙයවනු ලබන අතර ඉන්දියානු මහ කොමසාරිස් කාර්’යාලයේ පළමු ලේකම් සහ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්’ය අන්කුරන් දුප්තා, සාර්’ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්’ය බීනා ගාන්ධි, කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ආචාර්’ය මනෝජ් ජිනදාස, ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (මාධ්‍ය ) හා මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලීන් හේරත්, ප්‍රවීන විද්‍යා ලේඛක මාධ්‍යවේදී නාලක ගුණවර්’ධන, රූපවාහිනී සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රසාද් දොඩංගොඩ යන මහත්වරුන් සිදු කරනු ඇති අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වේ.

මෙම පර්’යේෂණ වැඩසටහන ප්‍රධාන සැසි 04ක් යටතේ පැවැත්වෙන අතර ඒ සඳහා සාර්’ක් කලාපීය රටවල් නියෝජනය කරමින් විශ්වවිද්‍යාල ආචාර්’යවරුන්, මහාචාර්’යවරුන් පිරිසක් සූම් තාක්ෂණය ඔස්සේ සහභාගී වනු ඇත.

මෙම ජාත්‍යන්තර පරිසංවාද වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, සාර්’ක් සංස්කෘතික මධ්‍යස්ථානය, කොළඹ, කැලණිය, ජයවර්’ධනපුර, යාපනය යන විශ්වවිද්‍යාල සහ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රීකුණාමල මණ්ඩපය, ශ්‍රීපාලි මණ්ඩපය ඇතුළු දේශීය විශ්වවිද්‍යාලයන් හි ජනමාධ්‍ය අධ්‍යයන අංශ සමඟ ඒකාබද්ධව සංවිධානය කරනු ලබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්’තමේන්තුව පවසයි.