NEWSNOW| –
(ජේෂ්ඨ නීතිඥ මාස් යුසුෆ්)
ඔබ නොදන්නේ නම් දන්නා අයගෙන් අසා දැනගන්න – කුර්’ආනය
හුදෙක් කුසලතා මත පදනම් වූ අමාත්‍ය මණ්ඩල පත්කිරීම් යනු ලොව නොඇසූ විරූ දෙයකි. ලොව පුරා රටවල රජයන් කැබිනට් මණ්ඩල සඳහා ඇමතිවරුන් බොහෝ වශයෙන් තෝරන්නේ නිර්’ණායක 03 ක් මත පදනම්ව බව පෙනී යයි. ඒවා නම් පළපුරුද්ද, පක්ෂයට විශ්වාසනීය බව සහ නියෝජනය ආදිය වේ. සාමාන්‍යයෙන් ගත් කල අමාත්‍ය පත්වීම විෂයයෙහි අත්හදා බැලීම් ලෙසින්, අධ්‍යාපන හෝ වෙනත් සුදුසුකම් ගැන සැලකිලිමත් වනවාට වඩා පක්ෂ සාමාජිකයෙකුට ඇති දේශපාලන පන්නරය සහ අදාල අමාත්‍ය කටයුතු පිළිබඳ පළපුරුද්ද කැබිනට් පත්වීම් සඳහා විශේෂයෙන් සලකා බලනු ලැබේ.
අනෙක් නිර්’ණායකය ගත් කළ එයට රාජ්‍ය නායකයා සමග ඇති පුද්ගලික කුළුපගබව, පක්ෂපාති බව, විශ්වාසනීය බව ආදිය අමාත්‍ය මණ්ඩල පත්වීම් වලට බලපෑමක් ඇති කරනු ඇත. සමාජ විවිධත්වයක් පවතින රටක් නම් ඇමති මණ්ඩල සැකසීමේදී ප්‍රතිපත්තිමය වශයෙන් ජනවාර්’ගික, ආගමික, කලාපීය මෙන්ම ස්ත්‍රී පුරුෂභාවය වැනි සමාජ ජනවිකාස මත පදනම් වූ නියෝජන එහි රජය සලකා බලනු ඇත. මේ සඳහා වන නිදසුන් කැනඩාව, ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය වැනි රටවල අමාත්‍ය මණ්ඩලවල දැකිය හැකිය.
මා මෙයට පෙර ජාතික ජනබලවේගය තවත් වාර්’තාවක් තබයි – අමාත්‍ය මණ්ඩලයේ එකදු මුස්ලිම්වරයෙකුවත් නැත’ යන මැයෙන් ලිපියක් ලීවෙමි. එම ලිපියෙහි මෙහි ඉස්මතු කර ඇති හා මෙම විෂයට අදාල ඉසව් කිහිපයක් සාකච්ඡාවට ලක් නොකෙරුණි.
‘නිසි නියෝජනය ‘ සහ ‘ජනතාවගේ ආණ්ඩුව’ යන සංකල්පයන් පටලවා ගැනීම
ජනතාවගේ ආණ්ඩුව යන සංකල්පය ප්‍රජාතන්ත්‍රවාදයේ එක් ප්‍රධාන කුළුණකි. නූතන යුගයේ ලොව ඇති විශාල රටවල සන්දර්’භය තුළ සෘජු ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිය නොහැක. මෙය පසුව ජන රජය යන සංකල්පයට තුඩු දන් අතර එහි මහජනක තමන්ව රජයෙහි නියෝජනය කිරීම පිණිස නිලධාරීන් තෝරා ගනිති. මේ අනුව පාර්ලිමේන්තුවේ මෙන්ම රජයේත් සැබෑ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කෙරේ.
මෙම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නිසැකයෙන්ම රජයේ ප්‍රතිපත්ති සාකච්ඡා කර තීරණය කරනු ලබන අමාත්‍ය මණ්ඩලය දක්වා ව්‍යාප්ත විය යුතුය. ඡන්දදායකයින් ස්වෛරී වන හෙයින් – ඔවුන් සුළුතර ප්‍රජාවකට අයත් වුවද තීරණ ගැනීමේදී අදාල සංඤ්ඤවල නියෝජනයේ ස්වරූපයෙන් ඔවුන්ගේ මතයද ප්‍රකාශ විය යුතුය. ජනතාවගේ ආණ්ඩුවේ හරය සහ නියෝජිත ප්‍රජාතන්තුවාදය අවධාරණය කරන තාර්’කිකත්වය මෙයයි.
ජාතිකත්වය සමග නිසි නියෝජනය සමතුලිත කීරිම
දේශපාලනයට ඉංග්‍රීසියෙන් ‘පොලිටික්ස්’ යැයි කියනු ලබන අතර මෙය පුරාණ ග්‍රීක බසින් ‘ නගරයේ කටයුතු’ යන අරුත ඇති “පොලිටිකා’ යන යෙදුමෙන් සැදුනු වචනයකි. මෙයට කණ්ඩායම් වශයෙන් තීරණ ගැනීමේ ක්‍රියාවලියෙහිදී තත්වය, බලය සහ සම්පත් බෙදා හැරීම අනිවාර්’යයෙන්ම ඇතුලත් වේ. නියෝජනය යන සංකල්පය ව්‍යාකූල කරමින් සිංහල, දෙමළ සහ මුස්ලිම් යන ජනකොටස් එකම ‘ජාතියක්’ ලෙසින් සිතීම ‘පොඩි ළමයින්ගේ වැඩකි. නියෝජනය සහ ජාතිකත්වය යනු එකම දෙයක් නොවන අතර ඒවා එකිනෙකට වෙනස්ද වේ.
එබැවින්, සමාජ ජනවිකාසය මෙන්ම නිතැතින්ම එයට හිමි විය යුතු නියෝජනය නොසලකා හැරීමෙන් ප්‍රදර්’ශනය වන්නේ කෙනෙකුගේ දේශපාලන දර්’ශන අවබෝධයේ ඌනතාවයයි. නිසි නියෝජනය යන්නෙන් අදහස් වන්නේ ජන සමාජයේ සියලුම කොටස් සාධාරණ ලෙස නියෝජනය වන වීමයි.
නිසි නියෝජනය සහ ජනතා වරම පටලවා ගැනීම
ජනවරම යන ඊනියා පද යෙදුම ආණ්ඩුව ව්‍යාකූල කළ තවත් සූත්‍රයකි. ජන වරම යනු ඉන් සමස්ත ජනතාවම අදහස් නොකරයි. එය බහුතරයකගේ වරමක් පමණි. ඒ අනුව මෙම ජනවරම පිළිබඳ අදහස දෙස බැලිය යුත්තේ සමස්ත ජාතියටම ප්‍රතිලාභ සහ සුළුතරයේ ආරක්ෂාව යන පුළුල් සන්දර්’භය තුළය.
සැමුවෙල් හටිංටන්ගේ ‘තුන්වන රැල්ල 20 වන සියවසේ ප්‍රජාතන්ත්‍රවාද කරණය යන ග්‍රන්ථයෙහි එක්තරා මාර්’ගෝපදේශයක් දැකිය හැකිය. ඔහු එක් අතකින් ප්‍රජාතන්ත්‍රවාදයේ තාර්’කිකය, මනෝරාජිකය, විඥානවාදය අතර වෙනස විස්තර කරන අතර අනෙක් අතට ආනුභවික, විස්තරාත්මක, ආයතනික සහ ක්‍රියා පටිපාටි නිර්’වචන අතර වෙනස විස්තර කර සිය නිගමනය ලෙසින් සංකල්පය ප්‍රයෝජනවත් කරන විශ්ලේෂණාත්මක නිරවද්‍යතාවය සහ අනුභූතික යොමු කිරීම් ලබා දෙන්නේ දෙවනුව සඳහන් කරන ලද මාදිලියේ නිර්’වචන යැයි අවධාරණය කරයි.
නියෝජන ක්‍රමය මගින් බහු විධ හඩක් පැවතීම යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක ලක්ෂණයක් වන සම්මුතිය ගොඩනැගීම සඳහා වන මාවතයි.
වර්’ගවාදි පක්‍ෂපාතී බව සමග නිසි නියෝජනය පටලවා ගැනීම
ජාතික ජනබල රජයේ කැබිනට් මණ්ඩල තේරීම් විකල්පය එම පක්‍ෂයේ ජයග්‍රහණයට උරදුන් ඇතැම් ජනකොටස් අතර බිය සහ සැකය නම් වන දෙබර කූඩුවක් අවුලුවා ඇත.
ආත්මය කැමති නමුත් මාංශය දුර්’වලය යැයි යේසුස් වහන්සේ කීවා සේ සියවස් ගණනාවක් තිස්සේ මිනිසුන්ගේ සිත් තුල ගැඹුරින් මුල් බැස ජාතිවාදි සහ වර්’ගවාදී ගැටුම්වල වේදනා තුනෙන් දෙකක බහුතරයකින් හෝ කෙටි කාලයකින් තුරන් කළ නොහැකිය. පරිගණක පාරිභාෂිතයෙන් කියනවා නම් මෙය පරිගණකයක් රීබුට් හෙවත් නැවත පණ ගන්වන්නා සේ පැයකින් භාගයකින් කරන්නට බැරීය. මේ සඳහා අවශ්‍ය වන්නේ පුර්’ණ සමාජ රීබූට් කිරීමකි. මෙය සාක්‍ෂාත් වන්නේ අදියරෙන් අදියර වන අතර මෙම ක්‍රියාවලියෙහි සියලු ජනකොටස් ඇතුලත් කර ගැනීමේ සහ සමාජ ඒකාබද්ධතාවයේ අවසාන ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා නිසි නියෝජනය යනු නැතිවම බැරි අනිවාර්’ය කොන්දේසියක් වන්නේය.
ජනතා කැමැත්ත සහ ඒකමතිකත්වය පටලවා ගැනීම
මෙහි ඇති තවත් ව්‍යාකුලත්වයක් වන්නේ ජනතා කැමැත්ත මත ජාතික ජනබලවේගය බලයට පැමිණ ඇති බවට කරන ප්‍රකාශයයි. මෙය ඇත්තෙන්ම වැරදි මතවාදයකි. වචනාර්’ථයෙන්ම යමක් විෂයයෙහි ජනතා කැමැත්ත පිළිබිඹු වනු ඇත්තේ සියයට සියයක්ම රටේ ජනතාව එයට කැමති වුවොත් පමණි. ජාතික ජනබලවේගය බලයට පැමිණියේ සියයට සියයක්ම මිනිසුන් එම සන්ධානයට කැමති වු නිසා නොව බහුතරයක් කැමති වූ නිසාය. තවත් ලෙසකින් කියනවා නම් ‘බහුතරය’ යනු ‘සමස්තය ‘ නොවේ. සුළුතරයක්ද එහි සිටිති. සමානාත්මතාවයේ විශ්වීය වශයෙන් පිළිගත් මූල ධර්’මයට, බහුතර මතය නිසා ඇති විය හැකි හානියෙන් සුළුතරය ආරක්ෂා කිරීමද අන්තර්’ගත වෙයි.
එමෙන්ම ජනතා කැමැත්තද අඛණ්ඩ හෝ ස්ථාවර එකක් නොවේ. කාලයත් සමග සහ යම් යම් තත්වයන් සමග මෙය වෙනස් වන සුළුය. නිදසුනකට හෙට ත්‍රිතකුණාමලය වරාය විදේශයකට විකුණා දමන්නට වත්මන් රජය තීරණය කරයි නම් ජනතා මතයද ඒ අනුව වෙනස් විය හැකිය.
ඇතැම් කරුණු යටපත් කිරීමට, අභිබවා යාමට හෝ පසෙකට දැමීම සඳහා වන ඒකාධිකාරියක් බහුතරවාදය විසින් රජයකට ලබා නොදේ. මෙය වනාහි බහුතර පාලනයේ අදහස බරපතල ලෙස වරදවා වටහා ගැනීමකි.
ආරක්ෂාව ලබා දීමේ ස්වරූප වලින් යුත් සමාන අයිතිය සම්බන්ධ අණ පනත් හඳුන්වා දෙන ලද්දේ මෙවන් අපයෝජන වැළක්වීමටය. නිසි පාලනය යනු පුළුල් යහපත වෙනුවෙන් එවන් විවිධ උත්සුකයන් සමතුලිත කිරීමයි.
නිසි නියෝජනයේ මූලධර්’ම
රජයකට ලැබී ඇත්තේ සරල බහුතරයක්ද නැත්නම් තුනෙන් දෙකක බහුතරයක් යන කරුණ පසෙකලා යහපත් පාලනයක ඊතීන් අවධාරණය කරන්නේ බහුවිධ සමාජවල සන්දර්’භය ඵලදායි බහු – පාර්’ශ දිනයවකාර හවුල්කාරීත්වයන් සහ දේශපාලන බහුත්වවාදයේ මූලධර්’මයන්ය. නිසි සහ ඵලදායි නියෝජනයේ මූල ධර්’මයේ දිගුවක් ලෙස ජාතික ජනබලවේග රජය ඔවුන්ගේ තීරණය නැවත සලකා බලන්නේ නම් එය සාධාරණීකරණය කිරීම උදෙසා යොමු විය යුතු කරුණු කිහිපයක් පහත දක්වා ඇත.
අන්තර්’කරණය සහ විවිධත්වය: බොහෝ දියුණු රටවල ස්ත්‍රී පුරුෂ භාවය, වාර්’ගිකත්වය, කලාපීය නියෝජනය සහ සමාජ – ආර්’ථික පසුබිම් නියෝජනය කරන විවිධ ජනවිකාස කණ්ඩායම් කැබිනට් මණ්ඩලයට ඇතුලත් කර ඇත. මෙය සඳහා කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩිගේ කැබිනට් මණ්ඩලය ප්‍රකටය.
නීත්‍යානුකූලභාවය සහ විශ්වාසය: නොලිඛිත නීතියක් වන සදාචාරාත්මක නීතයානුකූල භාවය ජනතාව තුළ විශ්වාසය
ඇති කිරීමට උපකාරී වේ. මෙය සිදුවිය හැක්කේ රජය තම ජනගහනයෙන් පුළුල් පරාසයක නියෝජනයක් ඇතුලත් කළහොත් පමණි. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්’ධනය කිරීම සඳහා පාර්’ලිමේන්තුවේ විශාලතම කාන්තා නියෝජනය රුවන්ඩාවේ ඇත. මෙමගින් අත්දැකීම් බෙදාගැනීමේදී සමාන පරිසරයක් නිර්’මාණය කිරීම සහ අද්විතීය අභියෝග වටහා ගැනීමට ඔවුන්ට හැකි වී ඇත. සමාන අත්දැකීමක් සඳහා මෙම සංකල්පය කැබිනට් පරිසරයට ආදේශ කළ යුතුය.
ප්‍රතිපත්ති අදාලතාවය සහ සඵලතාවය, දුතිපත්ති සම්පාදනය සම්බන්ධයෙන් ගත් කල, වඩාත් විස්තීර්’ණ හා ඵලදායී පාලනයකට මග පෙන්වන ඉදිරි දර්’ශනවල විවිධත්වය තුළින් රටට වාසි ලද හැකිය. මෙම විෂයයෙහි දකුණු අප්‍රිකාවෙන් අපට ආදර්’ශ ගන්නට පුළුවන. වඩාත් අන්තර්’කරීත දේශපාලන පරිසරයක් ඉලක්ක කර ගනිමින් එහි විවිධ වාර්’ගික කණ්ඩායම්වල සහ ජනවර්’ගවල නියෝජිතයන් රජයට ඇතුළත් කිරීමට එම රට අවංක උත්සාහයක් දරා ඇත. බහු නියෝජනය වනාහි විවිධ පසුබිම් සහ දෘෂ්ටි කෝණ මෙන්ම විශිෂ්ඨතම ප්‍රතිඵල සහිත අද්විතීය විසඳුම් ලබා දෙනු ඇත.
සමාජ එක්සත් බව: සදාචාරාත්මක නීතනනුකූලභාවයේ සහ එයින් අනතුරුව ඇති වන විශ්වාසයේ අවසාන ප්‍රතිඵලය වන්නේ සමාජ එක්සත් බවයි. නිසි නියෝජනයක් මගින් සියලු පුරවැසියන් අතර දායක වීමේ සහ සහභාගීත්වයේ හැඟීමක් ඇති කළ හැකිය. තමන්ද රජයක් නියෝජනය කරන බව හැගීම යනු කොන් කිරීම සහ ඈත් කරනු ලැබීමේ හැඟීම් නොමැති වීමයි. ප්‍රංශයෙහි ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විවිධ ජනවර්’ග වලට අයත් පුරවැසියන්ගේ සැලකිය යුතු නියෝජනයක් සහිත කැබිනට් මණ්ඩලයක් පත් කර ඇත. එසේම නවසීලන්ත අගමැතිනි පසින්ඩා ආඩෙන්ස් සිය කැබිනට් මණ්ඩලයට එරට ආදිවාසි ජනකොටසක් වන මාවෝර් ගෝත්‍රිකයන්ටද ඇතුලත් කරමින් පාලන තන්ත්‍රයෙහි රටේ විවිධත්වය පිළිබිඹු කිරීමේ සිය අවංක චේථනාව දුදර්’ශනය කර ඇත.
වැරදි කිරීම මිනිස් ස්වාභාවයකි. ඉගෙන ගැනීම, ඉගෙන නොගැනීම සහ පාඩම් ඉගෙනීම ආදිය මිනිස් ස්වාභාවයන්ය. එසේම වරදක් සිදු වූ විට එය නිහතමානීව පිළිගැනීම සහ වැරදි හදා ගැනීම ආදිය සැබෑ නායකත්වයේ සහ රාජතන්ත්‍රයේ ලක්ෂ වේ. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ඇතුළු රජයෙහි එවැනි උදාර ගුණාංග තිබෙන බවට විශ්වාස කළ හැකිය කළ යමක දෝෂයක් තිබේ නම් උඩගු නොවී ඒවා නැවත සලකා බැලීම මගින් ජනතාවගේ විශ්වාසය ශක්තිමත් වනු ඇත. එමෙන්ම එය සමාජ සංහිඳියාව පෝෂණය කර ප්‍රදේශමය වාර්’ගික, කුල හෝ ආගමික අන්තරායන් මග හරවනුද ඇත.