පලස්තීනය අමෙරිකානු රාජ්‍ය දෙපාර්’තමේන්තුවට එරෙහිව නඩු දමයි

0
36

NEWSNOW | –   පලස්තීනුවන් පිරිසක් අමෙරිකානු රාජ්‍ය දෙපාර්’තමේන්තුවට එරෙහිව නඩු පවරා තිබේ.

විදෙස් වාර්’තා පැවසුවේ ඊශ්‍රායලය මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝණය කරන බව දැන දැනම, ඊශ්‍රායල හමුදාවට අරමුදල් සැපයීම හේතුවෙන් මෙලෙස නඩු පවරා ඇති බවයි.

අමෙරිකානු නීතියට අනුව යම් රටක් මානව හිමිකම් උල්ලංඝණය කර ඇති බවට විශ්වසනීය සාක්ෂි ඇති විට එම රටේ හමුදාව සඳහා මිලිටරි ආධාර ලබාදීම තහනම් වේ.

එය හැඳින්වෙන්නේ “ලේහි නීතිය” ලෙසිනි.

පලස්තීනුවන් පිරිසක් එක්ව පවරා ඇති නඩුවෙන් පෙන්වා දෙන්නේ, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති බවයි.

ඊශ්‍රායලය, ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර ජාත්‍යන්තර නීතියට අනුව ජන සංහාරයක් ලෙස සැලකෙන බව පසුගියදා ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ද තහවුරු කළේ ය.

මාස 14ක සිට අඛණ්ඩව එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මේ වනවිට පලස්තීනුවන් 45,000කට අධික සංඛ්‍යාවක් මියගොස් තිබේ.