රුසියාවේ න්‍යෂ්ටික ආරක්ෂක හමුදා ප්‍රධානියා මිය යයි

0
44

NEWSNOW | – විදුලි ස්කූටරයක සඟවා තිබූ බෝම්බ ප්‍රහාරයකින් මොස්කව්හිදී න්‍යෂ්ටික ආරක්ෂක අංශ භාර ජ්‍යෙෂ්ඨ ජෙනරාල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රුසියානු විමර්’ශන කමිටුව පවසයි.

විකිරණ, රසායනික හා ජීව විද්‍යාත්මක ආරක්ෂක භටයින්ගේ ප්‍රධානියා වූ ලුතිනන් ජෙනරාල් ඉගෝර් කිරිලොව් අඟහරුවාදා රියාසන්ස්කි ප්‍රොස්පෙක්ට් හි මහල් ගොඩනැගිල්ලකින් පිටතදී මරා දැමු බව විදෙස් මාධ්‍ය පවසයි.

“රුසියානු සමූහාණ්ඩුවේ ත්‍රිවිධ හමුදාවේ විකිරණ, රසායනික හා ජීව විද්‍යාත්මක ආරක්ෂණ බලකායේ ප්‍රධානියා වන ඊගෝර් කිරිලොව් සහ ඔහුගේ සහායකයා මරා දමන ලදී” යනුවෙන් විමර්’ශන කමිටුව පවසා තිබේ.

රුසියානු ටෙලිග්‍රාම් නාලිකාවල පළ කරන ලද ඡායාරූපවලින් පෙන්නුම් කළේ සුන්බුන් සහිත ගොඩනැගිල්ලකට කඩාවැටුණු දොරටුවක් සහ ලේ තැවරුණු හිම අතර වැටී ඇති සිරුරු දෙකකි.

රුසියාවේ විකිරණශීලී, රසායනික හා ජීව විද්‍යාත්මක ආරක්ෂක භටයින් යනු විකිරණශීලී, රසායනික හා ජීව විද්‍යාත්මක දූෂිත තත්වයන් යටතේ ක්‍රියාත්මක වන විශේෂ බලකායකි.