අශෝක සපුමල් රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ගැසට් නිවේදනය නිකුත් කරයි

0
160

NEWSNOW| –  අශෝක සපුමල් රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරයි.

ඒ ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතාගේ අත්සනින් යුක්තවය.

එම ගැසට් නිවේදනයට අනුව දෙසැම්බර් මස 13 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අශෝක රන්වල සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව සඳහන්ය.

අශෝක රන්වල මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් ද නමක් යෝජනා කිරීමට මේ වන විට තීරණය කර තිබේ.

විපක්ෂයේ සියලු පක්ෂවල එකඟතාවයෙන් අදාළ යෝජනාව සිදුකිරීමට බලාපොරොත්තු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

ඊයේ (16) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ද ඊයේ පස්වරුවේ රැස්වී නව කථානායකවරයා සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණ තිබේ.

අද පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව නව කථානායකවරයා පත්කිරීම සිදුකර ගන්නා බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.