අත්අඩංගුවට ගත් ඉන්දුනීසියානු තබ්ලික් ක්‍රියාකාරීන් පිරිස නිදහස්

0
54

NEWSNOW | – වලංගු වීසා බලපත්‍ර සහ විදේශ ගමන් බලපත්‍ර පොලිසියට ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ඉන්දුනීසියානු තබ්ලික් ක්‍රියාකාරීන් 8 දෙනෙකු අද(16) නිදහස් කෙරුණි. ඔවුන්ට එරෙහි සියලු චෝදනාවලින් ඔවුන් නිදහස් කර ඇත.1950 ගණන්වල තබ්ලික් ජමාත් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් දා සිට තබ්ලිග් වැඩ සඳහා විදේශයන්ගෙන් කම්කරුවන් පැමිණේ. ඔවුන්ගේ සියලුම විදේශ ගමන් බලපත්‍ර සහ වීසා ඔවුන් රටට පැමිණි මොහොතේ සිට ආපසු විදෙස් ගතවන තෙක් මර්’කසුල් ඉස්ලාමි නම් තබ්ලික් මධ්‍යස්ථායේ තැබීම සිදු කරයි. මෙම ක්‍රියාකාරීන් සාමාන්‍යයෙන් මෙරටට පැමිණෙන්නේ සංචාරක වීසා මතය.

මේ පදනම මත පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ඉන්දුනීසියාවේ සිට තබ්ලික් වැඩ සඳහා 8 දෙනෙකු ලංකාවට පැමිණ ඇත. ඔවුන් තම විදේශ ගමන් බලපත්‍ර සහ වීසා බලපත්‍ර මර්’කසුල් ඉස්ලාමි නම් තබ්ලික් මධ්‍යස්ථායේ තබා තබ්ලික් වැඩ සඳහා විවිධ ප්‍රදේශවලට ගොස් තිබේ. හාවා එළිය Masjid Rashid හි වැඩ නිම කිරීමෙන් පසු ඔවුන් නොවැම්බර් 29 වන දින නුවරඑළිය අල් කබීර් ජුම්මා මස්ජිද්හි සිය වැඩ කටයුතු කරගෙන ගියහ. පොලිසියට ලැබුණු තොරතුරක් මත නුවරඑළිය පොලිසිය සිදුකළ විමර්ශනයේදී ඔවුන් සතුව විදේශ ගමන් බලපත්‍රයක් හෝ වීසා බලපත්‍රයක් නොමැති බව අනාවරණය විය. මේ අනුව නුවරඑළිය පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගත්තේ දෙසැම්බර් 2 වැනිදාය.

ඔවුන් 1948 අංක 20 දරන ආගමන විගමන පනතේ III වැනි වගන්තියේ 10 (අ) (ආ) වගන්තියේ සඳහන් නීති රීති උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමෙන් දඬුවම් ලැබිය කර ඇති බවට පොලිසිය චෝදනා කර තිබිණි. ඔවුන් ආගමික ඉගැන්වීම්වලට සම්බන්ධ වී සිටිනවාද, එය අන්‍ය ආගම්වලට තර්’ජනයක් වේද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්විණි. අංක B 12408/24 දරන නඩුවට නිවැරැදිකරුවන් බව ප්‍රකාශ කළ නුවරඑළිය මහේස්ත්‍රාත් ප්‍රබුද්ධික නානායක්කාර මහතා විසින් ඔවුන් අද (16) නිදොස් කොට නිදහස් කරනු ලැබීය. ඔවුන් රැගෙන යාමට මර්’කසුල් ඉස්ලාමි සහ සමස්ත ලංකා ජමියතුල් උලමාහි නියෝජිතයන් පැමිණ සිටියහ.