NEWSNOW | – ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(16) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් හයිද්‍රාබාද් මන්දිරයේදී ජනාධිපති දිසානායක මහතා උණුසුම් ලෙස පිළිගත්තේය.
අග්‍රාමාත්‍ය මෝදි සහ ජනාධිපති දිසානායක අතර වෙළෙඳ, ආයෝජන, සංවර්ධන සහ ආරක්ෂක සහයෝගීතාව ඇතුළත් පුළුල් න්‍යාය පත්‍රයක් පිළිබඳ සාකච්ඡාවක නිරත වීමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගි වන ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ආරම්භ කළේය.
මෙහිදී එම මාධ්‍ය හමුව අමතමින් ජනාධිපති අනුර කුමාර මහතා පැවසුවේ, තමාගේ ඉන්දීය සංචාරය දෙරට අතර සහයෝගය වර්’ධනය කිරීම සඳහා උපකාරි වනු ඇති බවයි.
එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස ආරාධනා කළ බව ද ජනාධිපතිවරයා පැවසීය.