NEWSNOW | – පහන මීඩියා පුද්ගලික සමාගම යටතේ ක්‍රියාත්මක නිව්ස් නව් මාධ්‍යයට 6වසරක් සම්පුර්’ණ වීම නිමිත්තෙන් පසුගිය 14 වනදා සංවත්සර සැමරුමක් අප ආයත පරිශ්‍රයේදී පැවැත්වුණි.
ඒ අප ආයතනයේ සභාපති සෙයිද් සාලිම් රිෆායි මවුලානා මහතාගේ ප්‍රධානත්වයෙනි.
ඊට ආරාධිතයින් ලෙස ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ මංජුල ගජනායක මහතා, ජේෂ්ඨ නීතිඥ මාස් එල්. යූසුෆ් මහතා, රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්’ය ධම්මික ජයසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.
මෙහිදී පැමිණ සිටි පිරිස පිළිගත්තේ සභාපති සෙයිද් සාලිම් රිෆායි මවුලානා මහතා විසිනි.
අනතුරුව 6 වන සංවත්සරය සංකේතවත් කරමින් කේක් කැපීමේ අවස්තාව සිදු කෙරුණි.
ප්‍රධාන ආරාධිත දේශනය පවත්වනු ලැබුවේ ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ මංජුල ගජනායක මහතා විසිනි. ඔහු පැවසුවේ පිවිතුරු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් මාධ්‍ය මෙහෙවරක නිරත වන නිව්ස් නව් මාධ්‍යය නොනැවතී ගමනක නිරත වන්නේ හරියට කළු ගඟ සමනල කන්දේ කුඩා දිය දහරකින් ආරම්භවී ගලා එන්නා සේ බවයි. එය පහළට ගලා බසින විට කළුතර පාලම මතදී විශාල ගංගාවක් ලෙස පෙනුනද එහි ආරම්භය කුඩා දිය දහරක් බවයි. කුඩාවට ආරම්භ කෙරුණු නිව්ස් නව් තව කාලයකින් විශාල ගංගාවක් බවට පරිවර්’තනය විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
ඉන් අනතුරුව සභාව අමතමින් දේශනය පැවැත්වූ ජේෂ්ඨ නීතිඥ මාස් එල්. යූසුෆ් මහතා කියා සිටියේ අපක්ෂපාතී මාධ්‍යකරණය දුෂ්කර වූ කාලයක එය වචනයට පමණක් සීමා නොවී ක්‍රියාවෙන්ම පෙන්වන මාධ්‍යයක් ලෙස නිව්ස් නව් මාධ්‍ය තමා හඳුනා ගත් බවයි.
ඉන්පසු පැමිණ සිටි පිරිස අතරින් ජේෂ්ඨ කථිකාචාර්’ය ධම්මික ජයසිංහ මහතා සහ ෆිර්’දවුස් මවුලවිතුමාද මෙහිදී අදහස් පල කර සිටියහ.
පැමිණ සිටි පිරිසට ස්තුතිය පල කරමින් ස්තුතියි කතාව සිදු කළේ පහන මීඩියා පුද්ගලික සමාගමේ විධායක අධ්‍යක්‍ෂ අබ්දුල් මුජීබ් මවුලවිතුමා විසිනි.