ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ජනපති අනුරට ගෞරවනීය පිළිගැනීමක්

0
215

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපලින් අද (15) පස්වරු 5.30 පමණ ඉන්දියාවට ළගා වී තිබේ.

එහිදී ඉන්දීය තොරතුරු හා සන්නිවේදන අමාත්‍ය ආචාර්ය එස්. මුරුගන් (Dr S.Murugan), ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ ජා (Santosh Jha), ඉන්දීය සාගර කලාප අතිරේක ලේකම් පූනීත් අග්‍රවාල්(Puneet Agrawal), ඉන්දීය ප්‍රොටකොල් ප්‍රධානී අන්ෂුමන් ගෞර් (Anshuman Gaur) මහත්වරු ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් විසින් ගුවන්තොටුපොළේදී ජනාධිපතිවරයා පිළිගන්නා ලදී.