ජංගම දුරකථන චාජරයකින් ඇතිවූ ගින්නකින් සෞදි අරාබියේ එකම පවුලේ හත්දෙනෙකු මරුට

0
205

NEWSNOW| – සෞදි අරාබියේ හොෆුෆ් ප්‍රදේශයේදී එකම පවුලක සාමාජිකයින් හත් දෙනෙකු ජීවිතක්ෂය පත්ව තිබේ.

ඒ විදුලියට සම්බන්ධ ජංගම දුරකථන චාජරයක් හේතුවෙන් හටගත් ගින්නක් හේතුවෙන් බව විදෙස් මාධ්‍ය පවසයි.

බොහෝ විට රාත්‍රියට මිනිසුන් ජංගම දුරකථන චාජරයක් ගසා නිදා ගනී. නමුත් අධික වේලාවක් එක් දිගට ජංගම දුරකථන චාජ් වී රත්වී ගිනි ගැනීමට ඇති අවස්ථා තිබේ.

මේ නිසා එවැනි ක්‍රියා සිදු කිරීමෙන් වළකින ලෙස දැනුම් දීමක් කරයි.