ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක්

0
33

NEWSNOW | – දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත්කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්’යේෂණ සංවිධානය පවසන්නේ එම නිවේදනය අද (14) පස්වරු 6.00 දක්වා ක්‍රියාත්මක බවය.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදියර 2ක යටතේ අවධානයෙන් සිටින ලෙස නිවේදනයක් නිකුත් කර තිබේ.

තවද බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, පස්සර සහ හාලිඇළ, මහනුවර දිස්ත්‍රික්කයේ මැද දුම්බර අදියර 1 යටතේ විමසිලිමත් බවින් සිටින ලෙස නිවේදනයක් ද නිකුත් කර ඇත.