Home TOP ආනයනික පළමු සහල් තොගය වෙළෙඳපොළට
NEWSNOW | – ආනයනය කරන ලද සහල් තොග වෙළෙඳපොළට නිකුත් කර ඇති බව පෞද්ගලික ආනයනකරුවන් පවසයි.
ඊයේ (11) දිනයේ මෙරටට ආනයනය කරන ලද පළමු සහල් තොගය රේගුවෙන් මුදාහැරීමට කටයුතු කර ඇති අතර සහල් කිලෝ 75,000ක් රේගුවෙන් මුදාහැර ඇති බව වාර්තා වේ.
රට තුළ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් මෙලෙස පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයන කිරීම සඳහා රජය විසින් පසුගියදා අවසර ලබා දුන්නේය.
ඒ අනුව ආනයනකරුවන් විසින් සම්බා සහ සුදු කැකුළු සහල් තොගයක් ඉන්දියාවේ සිට මෙලෙස ආනයනය කර ඇති බව සඳහන්ය.
අද (12) සහ හෙට (13) යන දෙදින තුළද තවත් සහල් තොග දිවයිනට ළඟාවීමට නියමිත බව අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.