ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

0
43

NEWSNOW | – නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී බටහිර – වයඹ දෙසින් සෙමින් ගමන් කරමින් උතුරු ශ්‍රී ලංකාවට ආසන්නයේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්’ මේන්තුව පවසයි.

පුත්තලම සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට අද(12) දිනයේදී නොයන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දෙයි.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් වයඹ දෙසින් හමයි. සුළගේ වේගය පැ.කි.මී.30-40 පමණ විය හැක. ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩි විය හැකි අතර පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැක. දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ දිශාව වෙනස් විය හැකි අතර සුළගේ වේගය පැ.කි.මී. 25-35 පමණ වේ.

පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වන අතර පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ මධ්‍යස්ථ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ අපේක්ෂා කළ හැක.