මාස 04ක් සඳහා වූ අතුරු සම්මත ගිණුමේ මුදල් වෙන් කෙරෙන හැටි

0
44

NEWSNOW | – 2025 වසරේ පළමු මාස 04 සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමෙන් රජයේ කටයුතු පවත්වාගෙන යාම සහ දැනට ආරම්භ කර ඇති ව්‍යාපෘති නොනවත්වා පවත්වාගෙන යාමට වෙන්කර තිබේ.

එම මුදල රුපියල් බිලියන 1,402කට ආසන්න ය.

ඉන් වැඩිම මුදලක් වෙන්කර ඇති අමාත්‍යාංශය වන්නේ ප්‍රවාහන, මහාමාර්’ය, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයටය.

එම ප්‍රමාණය රුපියල් බිලියන 220.06කි.

මුදල් ක්‍රමසම්පාදන සහ ආර්’ථික සංවර්’ධන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 186.02ක්ද, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 170.47ක්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 161.99ක්ද, ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 142.95ක්ද මෙම අතුරු සම්මත ගිණුමෙන් වෙන්කර තිබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 92ක් වන අතර කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්’ග අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 67.36කි.