NEWNOW| – අයහපත් කාලගුණය නිසා කල්දැමූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවන අදියර අද (04) සිට යළි ආරම්භ කෙරේ.
දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නොවැම්බර් මස 27 වන දින සිට දින 06ක කාලයක් උසස් පෙළ විභාගය කල්දැමුණි.
මේ අනුව විභාග කාලසටහනේ සඳහන් පරිදි අද සිට විභාග කටයුතු සිදුකෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.
ඒ අනුව අද සිට දෙසැම්බර් මස 20 වන දින දක්වා මීට පෙර නිකුත් කළ කාලසටහන අනුව විභාගය පැවැත්වේ.
විභාගය නොපවැත්වු දිනයන් සඳහා දෙසැම්බර් 21 වනදා දක්වා දෙසැම්බර් 31 වනදා දක්වා විභාගය පැවැත්වෙන බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. නව කාලසටහන දෙසැම්බර් මස 7 වන සෙනසුරාදා සියලු විභාග අපේක්ෂකයින් වෙත ලබාදීමට නියමිතය.
මේ අතර තවදුරටත් මාර්ග අවහිරතා ඇති ප්‍රදේශවල දරුවන්ට ළඟම විභාග මධ්‍යස්ථානය වෙත ගොස් විභාගයට පෙනී සිටීමට හැකියාව පවතින බව ද විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.