NEWSNOW | – පෙර දැනුම් දුන් පරිදි හෙට (04) දිනයේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවන අදියර ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්’තමේන්තුව පවසයි.
දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නොවැම්බර් මස 27 වන දින සිට අද (03) දිනය දක්වා උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දීමක් කළේය.
කෙසේවෙතත් විභාග කාලසටහනේ සඳහන් පරිදි හෙට(04) දිනයේ සිට විභාග කටයුතු සිදුකෙරෙන බව අද(03) පැවති මාධ්‍ය හමුවකදී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.
එමෙන්ම ඒ මහතා පැවසුවේ තවදුරටත් ප්‍රවාහනය සහ මාර්ගවල යම් ගැටලු පවතී නම් එම සියලුම ගැටලු සම්පූර්’ණයෙන්ම විසඳීමට කටයුතු කරන බවය.
ඒ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවද ඒ මහතා වැඩදුරටත් පැවසීය.