මෙරට 48 වන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්’දු ප්‍රනාන්දු මහත්මිය දිවුරුම් දෙයි

0
46

NEWSNOW | – ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්’දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දුන්නාය.

ඒ ජනාධිපති කාර්යාලයේදීය.

ශ්‍රී ලංකාවේ 48 වන අගවිනිසුරු ලෙස දිවුරුම් දුන් මුර්’දු ප්‍රනාන්දු මහත්මිය ඉතිහාසයට එක්වන්නේ අගවිනිසුරු ධුරයට පත් දෙවන කාන්තාවද ලෙසයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යෑමෙන් පසු පුරප්පාඩු වූ ධුරය සඳහා ඇයගේ නම ව්‍යවස්ථා සභාව විසින් පසුගියදා අනුමත කරන ලදී.

1985 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුවට එක් වූ ඇය 1997 වසරේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ධුරයටත්, 2014 වසරේදී අතිරේක සොලිසිටර් ජනරාල් ධුරයටත් උසස්වීම් ලබා ඇත.

මුර්’දු ප්‍රනාන්දු මහත්මිය රජයේ නීතිඥවරියක ලෙස නීතිපති දෙපාර්’තමේන්තුවට බැඳී වසර 30කට වැඩි කාලයක් එහි සේවය කර තිබෙන අතර 2018 මාර්’තු මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කර තිබේ.