පාසල් සංවර්’ධන නිලධාරීන් සම්බන්ධයෙන් තීරණයක්

0
61
NEWSNOW | – පාසල් සංවර්’ධන නිලධාරීන් රජයේ වෙනත් කාර්’යාල වෙත අනුයුක්ත කිරීම අත්හිටුවීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පැවසීය.
ඒ, පාසල් සංවර්’ධන නිලධාරී සංගම් කිහිපයක නියෝජිතයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය.
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා තිබේ.
පාසල් සංවර්’ධන නිලධාරීන් මෙන්ම උපාධිධාරීන් ගුරු සේවයට අන්තර්’ග්‍රහණය කිරීම පිළිබඳ මතුව ඇති ගැටලුව පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇත.
සංවර්’ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේදී ශ්‍රේෂඨාධිකරණය පෙන්වා දී ඇති පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්’දේශයන්ට යටත්ව ක්‍රියා කළ යුතු බව දෙපාර්’ශවය එහිදී පෙන්වාදුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවා.
ඒ අනුව තරග විභාගයක් පවත්වා බඳවා ගැනීම් සිදු කළ යුතු බවත් එහිදී වයස් සීමාව උපරිම අවුරුදු 45ක් දක්වා සලකා බැලීමට හැකි බවද එහිදී අවධාරණය කර ඇත.