අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වූ ධීවර ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන

0
117

NEWSNOW | – පැවති අධික වර්’ෂාව නිසා පීඩාවට පත්වූ ධීවර ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට රජයේ අවධානය යොමු වෙයි.

ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පසුගියදා අයහපත් කාලගුණයෙන් පොතුවිල් ප්‍රදේශයේ ධීවර ප්‍රජාවට සිදු වු බලපෑම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම ප්‍රදේශයට ගොස් ඇත.

එම අවස්ථාවේ දී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ “පසුගිය දා ඇති වූ ආපදා තත්ත්වය මත මේ රටේ, සමස්ත ජනතාව මහා පීඩාවකට ලක්වුණා. විශේෂයෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල. එම පළාත්වල ධීවරයින් දැඩි ලෙස මේ අර්’බුදයට මුහුණ පෑවා. ඒ අවස්ථාවේ අපි දැක්කා යාත්‍රා 16ක් මුළුමනින්ම විනාශ වෙලා. ධීවර පවුල් රැසකට තමන්ගේ ජීවන මාර්’ග අහිමිවෙලා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා දැනුම්වත් කරලා තිබුණා. ඒ මත ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මැදිහත් වෙලා මේකට කඩිනම් ක්‍රියාමාර්’ග ගන්න සුදානමින් ඉන්නවා. ග්‍රාම නිලධාරීන්ට දැනුම් දුන්නා මේ මොහොතේ තමන්ගේ රැකියා අවස්ථා අහිමි වුණ පවුල් ගැන ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙතින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට යොමු කරන්න කියලා. ඒ වගේම හානියට පත්වු ධීවර යාත්‍රා ගැනවලට යම් අස්වැසිල්ලක් ලබාදෙන්න අපි සුදානම් වෙලා තියෙනවා.”