අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 24ක හාරලක්ෂ 1,707 දෙදෙනෙකු බලපෑමට

0
38

NEWSNOW | – දිවයින පුරා දිස්ත්‍රික්ක 24ක පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 120,534කට අයත් පුද්ගලයින් හාරලක්ෂ 1,707 දෙදෙනෙකු බලපෑමට ලක්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ වනවිට පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති අතර 18 දෙනෙකු තුවාල ලබා තිබේ.

නිවාස 102ක් පුර්’ණ හානියට ලක්වී ඇති අතර අර්’ධ හානි වී ඇති නිවාස ගණන 1,952කි.

පවතින තත්ත්වය හේතුවෙන් පවුල් 28,324කට අයත් පුද්ගලයින් 94,134 දෙනෙකු ඥාති නිවාසවල සිටින අතර ආරක්ෂිත ස්ථාන 345ක පවුල් 11,663කට අයත් පුද්ගලයින් 36,303 දෙනෙකු රැඳීසිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමකට ලක්වී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයට වන අතර පවුල් 43,631කට අයත් පුද්ගලයින් 149,491 දෙනෙකු බලපෑමට ලක්වී තිබේ.

මහවැලි ගඟ, හැඩඔය, දැදුරු ඔය සහ මුන්දෙණිආරු සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදනය ඉදිරි පැය 48 දක්වා දීර්’ඝ කිරීමට තීරණය කළ බව වාරිමාර්’ග දෙපාර්’තමේන්තුව පැවසීය.

ඒ අනුව එම ගංගා ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් පසුවිය යුතු අතර එම ප්‍රදේශ හරහා ගමන් කරන ජනතාවට ද සැලකිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග ඉංජිනේරු ජී.ඩබ්ලිව්.ඒ සකුරා දිල්තාරා මහත්මිය පැවසීය.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 09ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 70ක් සඳහා ගොඩනැගිලි පර්’යේෂණ සංවිධානය විසින් නිකුත් කළ නායයෑම් පිළිබඳව පුර්’ව අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් බලපැවැත්වෙයි.

අද පස්වරු 04 දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇති මෙම නිවේදනයෙන් මහනුවර, කෑගල්ල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25ක් සඳහා ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබේ.