Home ක්‍රීඩා රාජාංගනය ජලාශයේ වාන් දොරටු 10ක් විවෘත කරයි
NEWSNOW | – පවතින අයහපත් කාලගුණය හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු 10ක් විවෘත කර ඇති බව ජලාශ භාර ඉංජිනේරුවරයා පවසයි.
ඒ අනුව තප්පරයට ගණ අඩි 11,800ක ජල ධාරිතාවක් කලා ඔයට මුදාහැරෙන බවද වාර්’තා වෙයි.
මේ අතර අංගමුව ජලාශයේ වාන් දොරටු වසා තැබීමටද කටයුතු කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින්කඩ අධික වැසි ඇදහැලීම හේතුවෙන් නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමමින් පවතී.
කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයට ඇදහැලෙන වර්’ෂාව හේතුවෙන් එම ජලාශය ද පිටාර මට්ටමට ඉතා ආසන්න වෙමින් පවතින බව ජලාශ භාර ඉංජිනේරු නිලධාරීන් පැවසීය.
