NEWSNOW | – චබාත් නැමති ලෝකයේ ඇති යුදෙව් අන්තවාදී සංවිධානයේ ප්‍රධානියෙකු වන Rabbi Zvi Kogan පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී සිටියදී අතුරුදන් වු බව මාධ්‍ය වාර්’තා පලවිය.
එම නායකයා ඝාතනය කර තිබියදී ඔහුගේ සිරුර සොයා ගත් බව ඊශ්‍රායල් රජය නිල වශයෙන් නිවේදනය කළේය. ඒ විතරක් නොව මෙය ඉතා දරුණු අන්තවාදී ක්‍රියාවක් ලෙසත් ඊශ්‍රායලය හඳුන්වා දී තිබේ. මෙම ක්‍රියාව සම්බන්ධයෙන් තිදෙනෙක් ඊයේ(27) දිනයේදී තුර්’කියේ ඉස්ථාන්බුල්හිදී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. තුර්’කි බුද්ධි අංශ නිලධාරීන්ද මේ බව තහවුරු කළේය.
චබත් නමැති සංවිධානය ලෝකයේ යුදෙව්වරුන්ගේ අන්තවාදී සංවිධානයක් වන අතර එම සංවිධානයට ඉතා පැරණි ඉතිහාසයක් ඇත. 1775 සිට මේ සංවිධානය ක්‍රියාත්මක වෙන බව වාර්’තා වේ. එහි මූලස්ථානය ඇමරිකාවේ පිහිටා ඇති අතර වර්’තමාන යුදව්වරුන්ගේ ජීවිතය හා සම්බන්ධ බොහෝ තීරණ වලට මෙම සංවිධානය සම්බන්ධ වී ඇති බව මාධ්‍ය වාර්’තා පෙන්වා දෙයි.
විශේෂයෙන් මෙම සංවිධානය පිලිගන්නා දරුණු ප්‍රතිපත්තියක් වන්නේ ඊශ්‍රායලය විසින් ආක්‍රමණය කර තිබෙන පලස්තීන ප්‍රදේශවලින් ඔවුන් යළි ඉවත් වීමට අකමැත්ත ප්‍රකාශ කිරීමයි. බටහිර ඉවුර සහ ගාසා තීරය තමන්ගේ බලයේම තිබිය යුතු බවට ඔවුන් විශ්වාස කරයි. එවිට ඊශ්‍රායල්වරුන්ගේ ආරක්ෂාව තමන් සතු වන බව ඔවුන් විශ්වාස කරයි. ‘සමස්තය ඊශ්‍රායල් භූමිය’ නැමැති චින්තනය අනිවාර්’යයෙන්ම ක්‍රියාවට නැංවිය යුතුය යන්න මේ සංවිධානය දැඩිව විශ්වාස කරයි.
මේ අතර ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ ඥාතියෙකු වන කුෂ්නර් නැමැති කෝටිපතියා මෙම සංවිධානයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ යුදෙව්වරුන්ගේ සමාජයක් බිහි කිරීම සඳහා ඩොලර් මිලියනයක් පරිත්‍යාග කර ඇති බවද වාර්’තා වේ.