අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ ගුවන් හමුදාව තවදුරටත් නිරීක්ෂණ කරයි

0
46

NEWSNOW | –  මේ වන විට අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ගුවන් හමුදාව තවදුරටත් නිරීක්ෂණ රාජකාරීන්වල නිරතවන අතර අද(28) දින ශ්‍රි ලංකා ගුවන් හමුදා යාපන කදවුර තුල ස්ථානගතකර තිබු ගුවන් හමුදා අංක 7 බලඝණයට අයත් බෙල් 212 වර්’ගයේ හෙලිකොප්ටර් යානයක් යොදා ගනිමින් යාපනය ප්‍රදේශයේ නිරික්ෂය සිදු කළේය.

ඒ සදහා ගරු ආරක්ෂක ලේකම් විශ්‍රාමික ඒයාර් වයිස් මාර්’ෂල් සම්පත් තුයියකොන්ත මැතිතුමන්ද ඒක්විය.

අවස්ථා කිහිපයකදි යාපනය ප්‍රදේශයේ නිරික්ෂන කටයුතු සදහා ගුවන් හමුදා යාපන කදවුරේ ස්ථානගතකර තිබු බෙල් 212 වර්’ගයේ හෙලිකොප්ටරය යොදවනු ලැබු අතර එම ගුවන් යානය මගින් ඩෙල්ෆ් දුපතේ රෝහල තුල ප්‍රතිකාර ලබමින් සිටි රෝගින් පිරිසක් ගුවන් හමුදා යාපනය කදවුර වෙත ප්‍රවාහනය කරනු ලැබු අතර අනතරුව ඔවුන් ප්‍රතිකාර සදහා යාපනය රෝහල වෙත යොමු කිරිමට ගුවන් හමුදාව කටයුතු සිදුකර ඇත .

තවද ගුවන් හමුදා බෙල් 212 වර්’ගයේ හෙලිකොප්ටර් යානයක් යොදා ගනිමින් දැදුරු ඹය දෙපස, හලාවත, පුත්තලම යන ප්‍රදේශයන් නිරික්ෂණය කරනු ලැබු අතර ශ්‍රි ලංකා ගුවන් හමුදා අම්පාර කදවුර තුල ස්ථානගත කර තිබු බෙල් 212 වර්ගයේ ගුවන් යානය මගින් සමන්තුරෙයි, මඩකළපුව, මහඔය, පදියතලාව යන ප්‍රදේශ නිරික්ෂණයට ලක් කල බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.