අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරුන් දෙදෙනෙකු පත් කෙරේ

0
148

NEWSNOW | – ප්‍රධාන අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර තිබේ.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.

ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය ඊයේ (27) ජනාධිපති ලේකම් ආචාර්’ය නන්දික සනත් කුමානායක මහතා අතින් ජනාධිපති ලේකම් කාර්’යාලයේදී සිදු විය.

පත්වීම්වලට අනුව කේ.ආර්. උඩුවාවල මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන අතර, වයි.එල්. මොහොමඩ් නවාවි විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ඇත.