උසස් පෙළ දරුවන්ට බාධා වෙන පරිදි කටයුතු කරන්න එපා – විභාග කොමසාරිස් ජනරාල් ඉල්ලයි

0
47

NEWSNOW | – උසස් පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2,312 දී අද (25)ආරම්භකෙරුණි.

විභාග කොමසාරිස් ජනරාල්, අමිත් ජයසුන්දර මහතා ජනතාවගෙන් ඉල්ලීම් කළේ උසස් පෙළ පැවැත්වෙන දිනයන්වල දී සිසුන්ට බාධා ඇති වෙන ආකාරයේ කිසිදු ක්‍රියාකාරකමක් සිදුනොකරන ලෙසයි.

මේ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇති බවත් මෙය නියමයකට වඩා හැඟීමකින් යුතුව ජනතාව සිදුකළ යුතුව ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

“මේ දරුවන්ට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒක විසඳාගන්නට ඒ අයට උදව් කරන්නට කියලා මම ඉල්ලා සිටිනවා. අපි බලාපොරොත්තු වෙනවා සෑම දරුවෙකුටම මේ විභාගය හොඳ වතාවරණයක් යටතේ විභාගය පැවැත්වීමට. අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට. ඒ සම්බන්ධයෙන් සියලුදෙනාගේ සහාය මට අවශ්‍ය කරනවා. ඔබේ සහාය අවස්ථානුකූලව ඒ දරුවන්ට ලබාදෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ අයට බාධා සිදුවන ආකාරයේ කිසිදු දෙයක් කරන්න එපා විභාග පැවැත්වෙන අවස්ථාවලදී. ඒ සම්බන්ධයෙන් අපි පොලිස් දෙපාර්තමේන්තුවත් සමගත් සාකච්ඡා කරලා අවශ්‍ය වැඩපිළිවෙල සකස්කරලා තියෙන්නේ.”

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 333,185කු පෙනී සිටීමට නියමිතය.