නවක මන්ත්‍රී වෛද්‍ය අර්’චුනා රාමනාදන් ගැන තීරණයක් ගනීද?

0
147
NEWSNOW | – පසුගියදා 10 වන පාර්’ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී පාර්’ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්’චුනා රාමනාදන් මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඉදිරියේදී ඔහු සමග සාකච්ඡා කිරීමට බලා⁣පොරොත්තු වන බව කථානායක අශෝක රංවල මහතා පවසයි.
මංගල සැසිවාරයේදී මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයාගේ අසුනේ අසුන් ගැනීම මෙන්ම ජාතිවාදය ඇති වන ආකායෙන් ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් මේ වන විට ඔහු සම්බන්ධයෙන් කතාබහක් මතුව තිබේ.
ඒ අනුව නවක මන්ත්‍රීවරයා සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්’ග ගන්නා බව කථානායකවරයා සඳහන් කළේය.
ඊයේ (24) පස්වරුවේ මහනුවර ප්‍රදේශයේ සිදුකළ සංචාරයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්විමින් කථානායක අශෝක රංවල මහතා මේ බව පැවසීය.