නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර මට්ටමකට

0
202

NEWSNOW| –  පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ ගොස් ඇති බව වාරිමාර්’ග දෙපාර්’තමේන්තුව පවසයි.

නිල්වලා ගඟේ ජල මට්ටම තලගහගොඩ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇත.

කෙසේවෙතත් පානදුගම ප්‍රදේශයේ වර්’ධනය වෙමින් තිබූ සුළු ගංවතුර මට්ටම මේ වන විට පහළ යමින් පවතින බව ද වාරිමාර්’ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ අද දින වාරිමාර්’ග දෙපාර්’තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයයි.

Oplus_131072

මේ අතර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්’තමේන්තුව දැනුම් දෙයි.