ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළට

0
233

NEWSNOW| –  මෙම සති අන්තයේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 71.24ක් ලෙස සටහන් විය.

එය 1.63%ක වැඩිවීමක් ලෙස පෙන්නුම් කරයි.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 75.17ක් ලෙසය.

එය 1.27%ක වැඩිවීමක් ලෙස පෙන්නුම් කරයි.