පැරණි මන්ත්‍රීවරුන් තවමත් නිල නිවාස භාර දී නැහැ

0
52

NEWSNOW| – පසුගිය ආණ්ඩු සමයේ ලබා දුන් පාර්’ලිමේන්තු නිල් නිවාස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30කට ආසන්න පිරිසක් භාරදී නොමැති බව වාර්තා වී තිබේ.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ  හිටපු මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් සිය නිවාසවල භාණ්ඩ ඉවත් කර ගනිමින් සිටින බවය.

නවක මන්ත්‍රීවරුන්ට නිල නිවාස ලබා දීමට අවශ්‍ය බව දන්වමින් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ට එම නිවාසවලින් ඉවත් වන ලෙස දැනුම් දී තිබුණි.

ඒ අනුව මන්ත්‍රීවරුන් හත්දෙනෙකු ඊයේ (22) නිල නිවාසවලින් ඉවත් ව ගොස් තිබේ.

මේ අතර  අදාළ නිවාසවලින් ඉවත් නොවුනහොත් එම නිවාසවලට ලබා දෙන ජලය සහ විදුලිය විසන්ධි කරන බවට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පසුගියදා එම මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම්දී තිබුණි.

පාර්ලිමේන්තු සංකීර්ණයට කිලෝමීටර් 40කට වඩා දුරින් නිවාස පිහිටා ඇති මන්ත්‍රීවරුන්ට මේ සදහා ඉල්ලීම් සිදු කල හැකි අතර මෙවර නවක මන්ත්‍රීවරුන් 35 දෙනෙකු ඊට ඉල්ලුම් කර තිබේ.

ඒ අනුව නවක මන්ත්‍රීවරුන්ට මාදිවෙල පිහිටි නිවාස සංකීර්ණයේ නිවාස ලබාදීම දෙසැම්බර් 03වනදා සිදු කරන බවද සදහන් වේ.

මේ වන විට ඒවායේ අළුත්වැඩියා කටයුතු සිදු කෙරේ.