පාසල්වල තුන්වන අධ්‍යයන වාරයේ පළමු අදියර හෙටින් අවසන්

0
229
NEWSNOW | – රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන අධ්‍යයන වාරයේ කාලසටහන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික සිංහල සහ දෙමළ පාසල්වල තුන්වන වාරයේ පළමු අදියර හෙටින් (22) අවසන් වේ.
මුස්ලිම් රජයේ පාසල්වල තුන්වන වාරයේ පළමු අදියර 2024 දෙසැම්බර් 13 දිනෙන් අවසන් වේ.
සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් සඳහා තෙවන වාරයේ දෙවන අදියර 2025 ජනවාරි 02 දින ආරම්භ වේ.