නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද

0
128

NEWSNOW| –  නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (19) පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ඒ අද පෙරවරු 10ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ඊයේ පෙරවරුවේ දිවුරුම් දුන් අතර ඊට අමාත්‍යවරුන් 22 දෙනෙකු ඇතුළත්ය.

මේ අතර නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් අනිද්දා දිනයේ දිවුරුම් දීමට නියමිතය.

කෙසේ වෙතත් නියෝජ්‍ය අමාත්‍යවරුන් ප්‍රමාණය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.