NEWSNOW| – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (18) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවී තිබේ.
එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් තත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපතිවරයා පවසන්නේ ජනතාවගේ ගැටලු විසඳිය හැකි සහ මහජන විශ්වාසය ස්ථාපනය කළහැකි සමබර ප්‍රවේශයක අවශ්‍යතාවය තමා ඉස්මතු කළ බවයි.
ළමා දරිද්‍රතාවය සහ මන්දපෝෂණය විසඳීම, විශේෂ අවශ්‍යතා සහිත අයට සහායවීම, දැඩි ප්‍රතිසංස්කරණ ඔස්සේ දුෂණය ට එරෙහිවීම තම අරමුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ට ජනපතිවරයා දැනුම්දී තිබුණි.