NEWSNOW | – දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් අද (18) දිනයේ මහ බැංකු නිලධාරීන් මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතය.
කෙසේවෙතත් අදාළ සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපතිවරයා ඇතුළු නව රජයේ මැතිඇමතිවරුන් මුණ ගැසීමට ද එම කණ්ඩායම සැලසුම් කර ඇත.
අදාළ සාකච්ඡාව අවසානයේ ඔවුන් මාධ්‍ය හමුවක් කැඳවමින් විස්ථීරණ ණය පහසුකමේ තෙවන සමාලෝචනයට අදාළ ප්‍රගතිය පිළිබඳව දැනුම්දීමට නියමිතය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ තෙවන සමාලෝචනය සඳහා එහි නියෝජිතයින් පිරිසක් ඊයේ (17) දිවයිනට පැමිණියේය.
මෙම සංචාරයෙන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ සිව්වන වාරිකය මෙරටට නිදහස් කිරීමට නියමිතය.