NEWSNOW | – අද දින පැවති 2024 මහ මැතිවරණයේ එක් එක් දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් මෙසේයි.
කොළඹ – 65%
නුවරඑළිය – 68%
කුරුණෑගල – 64%
මඩකලපුව – 61%
මාතර – 64%
පුත්තලම – 56%
අනුරාධපුර – 65%
බදුල්ල – 66%
මන්නාරම – 70%
ත්‍රිකුණාමලය – 67%
මුලතිව් – 63%ක්
පොළොන්නරුව – 65%
රත්නපුර – 65%
ගාල්ල – 64%
යාපනය – 69%
හම්බන්තොට – 60%
මාතලේ – 67%
කෑගල්ල – 65%
මොනරාගල – 63%
වව්නියාව – 65%
කිලිනොච්චිය – 62%
මහනුවර – 62%
කළුතර – 64%
අම්පාර – 62%
ගම්පහ – 66%
දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී ඡන්ද විමසීම පැවැත් වුණු අතර 2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර මහ මැතිවරණය සඳහා සුදුසුකම් ලැබු ඡන්දදායකයින් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ 40,354 දෙනෙකි.
අද දිනයේ පැවති පාර්’ලිමේන්තු මැතිවරණයේ කටයුතු සමස්ථයක් ලෙස සාමකාමීව සිදුවු බවත් කල්මුණේ ප්‍රදේශයේ සුළු සුදුවීම් දෙකක් පමණක් වාර්’තා වූ බවත් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.
ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු ඡන්ද මධ්‍යස්ථානවල සිට ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාමේ කටයුතු මේ වනවිට සිදුවේ.
ඡන්දය ගණන් කිරීම කටයුතු දිවයින පුරා මධ්‍යස්ථාන 2,034කදී සිදු කෙරෙනු ඇත.
ඡන්ද ගණන් කිරීමේ කටයුතු සඳහා අනුයුක්ත කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 80,000ක් පමණ වේ.
තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි වාර්’තා වේ.
පළමු නිල ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10 පමණ වන විට නිකුත් කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂිතය.