දිස්ත්‍රික්ක 19කට ප්‍රබල අකුණු ඇතිවීම පිළිබඳ නිවේදනයක්

0
142

NEWSNOW | – අද රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක 19කට ප්‍රබල අකුණු ඇතිවීම පිළිබඳ කාලගුණ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්’තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව බස්නාහිර, සබ්‍රගමුව, මධ්‍යම, ඌව, වයඹ, උතුරු-මැද සහ දකුණු පළාත්වලත් මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක ප්‍රබල අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.