2024 මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අවසන් වෙයි

0
152
NEWSNOW | – 2024 මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීම නිල වශයෙන් අවසන් වී තිබේ.
අද පෙරවරු 07.00 සිට පස්වරු 04.00 දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 13,421කදී ඡන්දය ප්‍රකාශ කිරීම
සිදු විය.
ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්’ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා 2024 මහ මැතිවරණය පැවැත්විණි.
මෙම මැතිවරණය හරහා මහජන ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරුන් 196 දෙනෙකු සහ ජාතික ලැයිස්තුවෙන් ඇතුළත් වන මන්ත්‍රීවරුන් 29 දෙනෙකුගෙන් සමන්විත සමස්ත මන්ත්‍රීවරුන් 225 දෙනෙකු තෝරා පත් කර ගැනීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය 2024 නොවැම්බර් 21 වැනි දින පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතය.