බදුල්ලේ තෝරා ගත් පාසල් කීපයකට අද සිට නිවාඩු

0
44
NEWSNOW | – බදුල්ලේ තෝරා ගත් පාසල් කීපයකට අද (8) සිට නිවාඩු ලබා දී තිබේ. ඒ 2024 පාර්’ලිමේන්තු මැතිවරණය රාජකාරි සදහා යොදා ගන්නා නිසාය. ඌව පලාතේ ජන්ද මධ්‍යස්ථාන සදහා යොදා ගන්නා සෙසු පාසල් සියල්ල සදහා 13 වන බදාදා දින සිට නිවාඩු ලබා දෙන බව ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි මහින්දපාල ජෝපියස් මහතා පවසයි .
පාර්’ලිමේන්තු මැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ ජන්ද පෙට්ටි නිකුත් කිරීම මෙන්ම ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස තෝරා ගෙන ඇති බදුල්ල ධර්’මදූත විදුහල සදහා ඊයේ (7) සිට නිවාඩු ලබා දී තිබේ. ජන්ද පෙට්ටි නිකුත් කරන, ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස තෝරා ගත් බදුල්ල මධ්‍ය මහ විදුහලට, සහ තැපැල් ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස තෝරා ගෙන ඇති බදුල්ල විශාඛා උසස් බාලිකා විදුහලට අද (8) සිට නිවාඩු ලබා දුන් බවද ඔහු පැවසීය.
මීට අමතරව පාර්’ලිමේන්තු මැතිවරණ රාජකාරි කටයුතු සදහා පැමිනෙන පොලිස් විශේෂ කාර්’ය බළකා නිලධාරීන්ට සහ රියදුරන් ට නවාතැන් පහසුකම් සලසා දීම සදහා තෝරා ගත් බදුල්ල විහාරමහාදේවී බාළිකා විදුහලට සහ බදුල්ල සරස්වති මහ විදුහලට 12 වන අගහරුවාදා සිට ද, මැතිවරණ රාජකාරි සදහා පැමිණෙන කාන්තා පොලිස් නිළධාරින් ට නවාතැන් පහසුකම් සලසා දීමට තෝරා ගත් බදුල්ල දෙමල බාළිකා විදුහලට 13 වන බදාදා සිට නිවාඩු ලබා දෙන බවද ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කරයි.
මේ අතර පාර්’ලිමේන්තු මැතිවරණයේ ජන්ද මධ්‍යස්ථාන ලෙස තෝරා ගත් පලාතේ පාසල් සදහා ලබන 13 වන බදාදා දින සිට නිවාඩු ලබා දෙන බව පවසන ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි මහින්දපාල ජෝපියස් මහතා ලබන 18 වන සදුදා දින සියලුම පාසල් යලි සාමාන්‍ය පරදි ආරම්භ වන බවද පැවසීය.