NEWSNOW| – 2024 මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා ලබාදී තිබූ කාලය අදින් (08) අවසන් වේ.
මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
ඔක්තෝබර් 30, නොවැම්බර් 1 සහ 4 යන දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ සියලු ම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද හිමියන්ට අද (නොවැ. 8) දිනයේදී ද තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කළේ ය.
ඒ අනුව, රාජකාරි සිදුකරන ස්ථානයන්ට අදාළව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදුකළ කළ හැකිය.
මේ අතර, මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතළිස් දහස් තුන්සිය පනස් හතරක ඡන්දදායකයන් සංඛ්‍යාවක් සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මාධ්‍යයට පැවසීය.
දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,314ක ඡන්ද විමසීම සිදුකරන බව ද ඡන්දය ගණන් කිරීම් කටයුතු සඳහා ශාලා 2,024ක් යොදා ඇති බව ඔහු කීවේය.
ඒ සඳහා අවශ්‍ය වන නිලධාරීන්, වාහන, උපකරණ සියල්ලක් ම මේ වන විට අදාළ දිස්ත්‍රික්ක වෙත ලබා දී අවසන් බව ත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා සියලු දෙනාගෙන් සහයෝගය ඉල්ලා සිටින බව ත් රත්නායක මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය