ඩග්ලස් දේවානන්ද ජනපතිට සහය දෙන්න සූදානම්

0
66

NEWSNOW | – පාර්’ලිමේන්තු මැතිවරණයෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ එක්ව කටයුතු කිරීමට ඩග්ලස් දේවානන්ද මහතා නායකත්වය දරන ඊපීඩීපී සංවිධානය තීරණය කරයි.

ජනාධිපති අනුර දිසානායක මහතා සමග ඩග්ලස් දේවානන්ද මහතා ඇතුළු පිරිසක් පසුගියදා සාකච්ඡා කරන ලද බවද එම පක්‍ෂ මාධ්‍ය ලේකම් නෙල්සන් එදිරිසිංහ මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.

දැනට නම් අතරමග නතර වී ඇති උතුරු නැගෙනන සංවර්’ධන කටයුතු පිළිබඳව කරුණු විසි පහක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවත් හෙතෙම කියා සිටියි.

අදාළ සංවර්’ධන කටයුතු නැවත ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇති බවද හෙතෙම පැවසීය.

ධීවර අමාත්‍යාංශයේ පවතින ගැටලු හා ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩසටහන් යළි ක්‍රියාත්මක කිරීම සඳහා මාධ්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.