NEWSNOW | – දැනට ලොව පුරා රටවල් 170 කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන තුර්’කියේ සහයෝගතා සහ සම්බන්ධීකරණ නියෝජිතායතනය හෙවත් TİKA පිහිටුවන කරන ල්දදේ 1992 වසරෙහිය. තුර්’කියේ විදේශ ප්‍රතිපත්තියේ වැදගත් කුළුණක් වන මෙම සංවිධානය ඉලක්ක රටවල අවශ්‍යතා සහ එහි යටිතල පහසුකම් සහ ධාරිතාව සංවර්’ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.
ශ්‍රී ලංකාව තුලද TİKA ක්‍රියාත්මක වන අතර, මේ වන විට විවිධ අංශවල ව්‍යාපෘති රාශියක් සම්පූර්’ණ කර ඇත. ශ්‍රී ලංකාවේ මෙම සංවිධානයේ ක්‍රියාකාරකම් සුවිශේෂී ලෙසින් අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්’මය, ධීවර කර්මාන්තය, නිවාස සහ මානුෂීය ආධාර වැනි ක්ෂේත්‍ර කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි. ඒ අතරම රටේ සංවර්’ධනයට සහ සමාජ සුබසාධනයට මෙම සංවිධිනය දායක වෙයි.
TİKA සංවිධානය ශ්‍රී ලංකාවේ දියත් කළ පළමු ව්‍යාපෘතිය වූයේ වසර තිහක් පමණ මෙහි පැවති බෙදුම්වාදි යුද්ධයේ ප්රතිවිපාකයක් ලෙසින් රට තුල අවතැන් වූ ජනතාව වෙනුවෙන් නිවාස ඉදි කර දීමයි. ශ්‍රී ලංකාවේ එවනට සිටි අග්‍රාමාත්‍යවරයා විසින් තුර්’කියේ ජනාධිපති රෙසෙප් තය්යිප් එර්’ඩෝගන්හට ඉදිරිපත් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් TİKA විසින් යුද්ධය නිසා අවතැන් වූ ජනයා සඳහා මන්නාරමේ තුර්’කියේ-ලංකා මිත්‍රත්ව ගම්මානය’ නමින් නිවාස 100 කින් සමන්විත නිවාස සංකිර්’ණයක් ඉදි කර දෙන ලදි. 2015 වසර සම්පුර්’ණ වු මෙම ව්‍යාපෘතියට සියලු උපකරණ සහිත අංගසම්පුර්’ණ පාසැල් දෙකක්ද ඇතුලත් විය.

මෙම පළමු ව්‍යාපෘතියෙන් පසුව, TİKA විසින් ශ්‍රී ලංකාවට අඛණ්ඩව විවිධාකාර ආධාර ලබා දුන් අතර මෙ මුලාරම්භ දෙරට අතර මිත්‍රශීලී ද්විපාර්’ශක සබඳතා ශක්තිමත් කිරීමට බෙහෙවින්ම ඉවහල් විය. වසරක් පාසාම රාමසාන් සමයෙහි දිවයිනේ විවිධ තැන්වලට ආහාර පැකේජ ලබා දීමට අමතරව ආගම්. ජනවාර්’ගික හෝ භාෂා බේදවලින් තොරව අවශ්‍යතා ඇති අයට මානුෂීය ආධාර ලබා දීමට TİKA පෙරමුණේ සිට ඇත.
අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සහ සුදුසුකම් ලත් ශ්‍රම බලකාය පුහුණු කිරීමට දරන ප්රයත්නයන්ට දායක වීම සඳහා, මාවනැල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක වන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සඳහා ධාරිතා ගොඩනැගීමේ වැඩසටහනකටද TİKA තම දායකත්වය ලබා දී ඇත. විවිධ ශාඛා සඳහා පුහුණු ද්‍රව්‍යද TİKA ලබා දී ඇති අතර එයට සමගාමීව අධ්‍යාපනික වැඩසටහන්ද සංවිධානය කර ඇත. මෙම සන්දර්භය තුළ, තුර්’කියේ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් යුතුව විවිධ පාසල් සහ අධ්‍යාපන ආයතනවලට තුර්’කියේහි සිට විශේෂඥ පුහුණුකරුවන් ශ්‍රී ලංකාවටට ගෙන්වා ගැනීමටද TİKA මුලික වී කටයුතු කළේය.

