NEWSNOW | – මේ මාසයට අදාළව ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලිට්‍රෝ ගෑස් සමාගම දැනුම් දෙයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, ජාත්‍යන්තර වෙළෙඳපොළේ ගෑස් මිලෙහි මිල වැඩි වෙමින් පැවතිය ද ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් මෙම තීරණය ගත් බවය. පසුගිය මාසයේ දී ද ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවුණි.
මේ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690කි. කිලෝගෑස් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් වෙයි. කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694කි.
මේ අතර නොවැම්බර් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලේ සංශෝධනයක් සිදුනොකරන බව එම සමාගම දැනුම් දී තිබේ.
මේ වනවිට කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කටත්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477කටත් එම සමාගම අලෙවි කරනු ලබයි.