ඉරානය ඇමරිකාවට සහ ඊශ්‍රායලයට අනතුරු අඟවයි

0
100

NEWSNOW| –  ඉරානයට එරෙහිව සිදු කරන ප්‍රහාර වලට ඔවුන්ට ඉදිරියේ දී දරුණු ප්‍රතිවිපාක හිමිවනු ඇති බව ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල්කමේනි පවසයි.

පසුගිය සතියේ ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාර එල්ල කරන බව යළි අවධාරණය කරමින් ඉරාන අධ්‍යාත්මික නායකයා පෙන්වාදී ඇත්තේ සිය රටට සහ ජනතාවට එරෙහිව සිදු කරන කටයුතු වලට අමෙරිකාවට සහ ඊශ්‍රායලයට ඉදිරියේ දී දරුණු ප්‍රතිඵල අත්විඳීමට සිදුවනු ඇති බවය.

ටෙහෙරාන් හි පිහිටි අමෙරිකානු තානාපති කාර්’යාලය ඉරාන විරෝධතාකරුවන් විසින් අත්පත් කරගැනීමේ 45 වන සංවත්සර සැමරුමට සමගාමීව පැවති උත්සවයක් අතරතුර අයතුල්ලා අල්කමේනි මේ බව සඳහන් කර තිබුණි.

1979 වසරේ නොවැම්බර් මස 04 වැනිදා ඉරාන විරෝධතාකරුවන් විසින් අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු 50 දෙනෙකු සිය භාරයට ගැනීමේ සිදුවීමෙන් පසු ඉරාන අමෙරිකා සබඳතා ස්ථාවර තත්ත්වයට පත් නොවීය.