කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

0
131

NEWSNOW|- අද පස්වරු වේ මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත් වල තද වැසි ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවය.

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එහි සඳහන් ව තිබේ.

ගිගුරුම් සහිත වැසි හේතුවෙන් ඇතිවන අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.