NEWSNOW | – බදුල්ල, දුන්හිඳ මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්’ගයේ පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 35 දෙනෙකු තුවාල ලබා තිබේ. ඉන් බරපතල තත්ත්වයේ පසුවූ සිසුවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇති බව පොලිසිය පවසයි.
ක්ෂේත්‍ර චාරිකාවක නිරතව සිටි සිසුන් පිරිසක් රැගත් බස්රථයක් මෙලෙස අතනතුරට ලක්ව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ 41 දෙනෙකු ගමන්කරමින් සිටි බව වාර්’තා වේ.
අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් මේ වනවිට බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.