වැඩ වර්’ජන යුගය අවසන් කරන බව ජාතික ජනබල වේගය කියයි

0
68
NEWSNOW | – ජාතික ජන බලවේගයට සම්බන්ධ වෘත්තීය සමිති නුදුරු අනාගතයේදී විසුරුවා හරින බව එන්පීපී අපේක්ෂක ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා පැවසීය.
කැස්බෑව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ පවතින තත්ත්වය යටතේ වෘත්තීය සමිති අවශ්‍ය නොවන බවත් වර්’ජන හේතුවෙන් රට මුහුණ දී ඇති අපහසුතාවය නොවැම්බර් 14 වැනිදායින් පසු අවසන් වන බවයි.
“ඉස්සර ගුරුවරු, විදුහල්පතිවරු, වෛද්‍යවරු, හෙදියෝ, බස් සංගම් ඔක්කොම එක දිගට වැඩ වර්’ජන කළා. මේ වගේ වැඩ වර්’ජන ඉදිරියට ගියාම රටෙන්ම සදාකාලිකවම ඉවරයි.” ජාතික ජනබල වේගයේ අපේක්ෂක ලක්ෂ්මන් නිපුණ ආරච්චි පැවසීය.
ඉදිරි වසර 10-15 තුළ වැඩ වර්’ජන සහ ඇඳිරි නීතිය පිළිබඳ අනාගත පරපුරේ දරුවන් දැනුවත් කිරීමේ මට්ටමට එය පැමිණෙනු ඇති බව ඔහු පෙන්වා දුන්නා.
“ඒ කිසිවක් නැතිව හොඳ රටක් නිර්’මාණය වෙනවා. මෙය නොවැම්බර් 14 වැනිදායින් පසු අවසන් වන සංක්‍රාන්ති සමයක්,” ඔහු වැඩිදුරටත් පැවසීය.