ක්ෂණික ගංවතුර තත්වයක් සහ නායයෑම් කිහිපයක් ගැන ආපදා අංශය සීරුවෙන්

0
46

NEWSNOW | –  අද(31) රාත්‍රී 9ට පමණ පොළොන්නරුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය  තමන්කඩුව ග්‍රාම නිලධාරී වසමේ  – 180 මහසෙන් පෙදෙසේ අධික වර්ෂාව හේතුවෙන්  ක්ෂණික ගංවතුර තත්වයක් මතුව තිබේ.

මේ නිසා කදුරුවෙල නගරයේ වෙළදසැල් 6ක් හා එක් නිවසක් ජලයෙන් යට වී ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂක (වැ.බ) විසින් දැනුම් දීමක් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අද(31) පස්වරුවේ 5.44ට පමණ නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේ
පස් කණ්ඩියක් කඩා වැටී තිබේ.

මේ අනුව නාවලපිටිය මහනුවර මාර්’ගයේ පල්ලේගම ස්ථානයේ මාර්ගය පස් කණ්ඩියක් කඩා වැටී ඇත.

නමුත් ඉන් ගමනාගමනයට හෝ මිනිස් ජිවිත වලට හානියක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නුවර දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා (වැඩ දැනුම් දී තිබේ.

එසේම අද පස්වරු 6.48ට පමණ උඩුනුවර උඩගම ග්‍රාම නිලධාරි වසමේ  නායයෑම් අවධානම් හේතුවෙන් පවුල් 1ක පුද්ගලයින් 3 දෙනෙකු ඥාති නිවාස වෙත යොමුකර ඇත.